තමන්ගෙ ම කියල දෙයක් කරන එකද හොද එහම නැතිනම් කාගෙවත් යටතෙ වැඩ කරන එකද හොද

තමන්ගෙ ම කියල දෙයක් කරන එකද හොද එහම නැතිනම් කාගෙවත් යටතෙ වැඩ කරන එකද හොද.



අද බහුතරයක් දෙනා කාගෙ හරි office එකක කාගෙ හරි ආයතනයක තව කෙනෙක් යටතෙ වැඩ කරන අය තමයි බහුතරයක් ඉන්නෙ.

තමන්ගෙම කියල දෙයක් බිස්නස් එකක් හරි එහම නැත්නම් තමන්ගේම කියල ආදායම් මාර්ගයක් ලැබෙන දෙයක් කරන අය ඉන්නෙ සීමිත ප්‍රමාණ වලින්.

කාගෙ හරි කෙනෙක් යටතෙ ආදායමක් මාසිකව බලාපොරොත්තුවෙන් උදේ උදන් හවස් වෙනකම් ගොඩක් අය වැඩ කරනව.

සුලු මාසික ආදායමකට හෝ එහම නැත්නම් සාමාන්‍ය ආදායමකට එහම නැත්නම් ඉතා ඉහළ හොඳ වැටුපකට වැඩ කරන අය ඉන්නවා.

සමහර අය ගොඩක් ආසාවෙන් වැඩ කරනව. රැකියාවට යන්නෙ හරිම කැමැත්තෙන්. රැකියාවට ගිහිං ගෙදර එන්නෙ ගොඩක් කැමැත්තෙන්. හරිම සතුටෙන් වැඩ කරන අය ඉන්නව.

ඒ අතරෙම ඉන්නව රැකියාව කරන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. එහමත් නැත්නම් හරිම අකමැත්තෙන්. ඉතාම පීඩාකාරීව.

ගොඩක් දෙනා මෙහෙම රැකියාවක් කරන්න මූලිකම හේතුව තමයි මාසිකව ආදායමක් අනිවාර්යයෙන් ම ලැබෙන එක.

සල්ලි බලාපොරොත්තුවෙන් එ මිනිස්සු තව කෙනෙක් යටතෙ අමාරුවෙන් උනත්,අකමැත්තෙන් උනත් වැඩ කරනව.

ඒ මිනිස්සුන්ට කිසිම නිදහසක් නැ. තමන්ගෙ පවුලෙ කෙනෙක්ට ,තමන්ට අසනීපයක් උනත් එයාලට නිවාඩුවක් ලැබෙන්නෙ නැ.

ඒ වගේම ඒ ආයතන වල ගොඩක් නීති රීති වැඩි. ඒවට ඔයාල අනුගත වෙලා වැඩ කරන්න ඕන.

ගොඩක් අය අවුරුදු ගනන් කැපවෙල මහන්සිවෙලා වැඩ කරනව උසස් වීම් වෙනුවෙන්.

මෙ උසස් වීම් ලැබෙන්නෙ සීමිත පිරිසකට විතරයි. මෙ ආයතනයක වැඩ කරලා එයාල හැමදාම එකම වැටුපකට වැඩ කරනව.

එදිනෙදා වේල කනව එහම නැත්නම් loan එකක් අරගන ඒක ගෙවනව.

එයාලට තමන් වෙනුවෙන් වෙන් කරන්න කාලයක්නැ. විනෝද චාරිකාවක් යන්න නැ. ගෙදර වැඩ කරන්න කාලයක්නැ පවුලෙ අය වෙනුවෙන් වැඩ කරන්න කාලයක්නැ.


පාසල් අධ්‍යාපනය මගින් එහම නැත්නම් විශ්වවිද්‍යාලයයන් වලින් පව අදවෙනකොට කියාදෙන්නෙ තව කෙනෙක් යටතෙ රැකියාවක් කරල එදිනෙදා වේල කාල ඉන්න. තමන්ගෙම කියල ආදායම් මාර්ගයක් පිහිටුවාගන්න එයාල උගන්වන්නෙ නැ.


අවුරුදු ගානක්ම තව කෙනෙක් යටතෙ වැඩ කරල අන්තිමෙ තමන් වෙනුවෙන් වෙන් කරන්න තමන්ට සතුටින් ඉන්න කාලයකුත් නැතුව අන්තිමෙ රැකියාවෙන් වයසට ගියාම අයින් වෙලා යනවා.

අපි බලමු දැන් තමන් වෙනුවෙන් දෙයක් බිස්නස් එකක් එහම නැතිනම් වෙන ආදායම් මාර්ගයක් කරන්න ඇයි මිනිස්සු බය කියලා.

තමන්ගෙම දෙයක් පටන් අරගන කරන් යන්න නම් අනිවාර්‍යයෙන්ම එ කෙනාට ආත්ම විශ්වාසයක් ,උත්සහය , කැපවීම, ඉවසීම අනිවාර්යයෙන් ම තියෙන්න ඕනි.

මිනිස්සු බයයි අසාර්තක වෙයි,තමන්ගෙ වියදම් කරන මුදල් තමන්ට නැතිවෙයි කියලා.

අනික අද සමාජයෙ ලොකුවට කතාව යන්නෙ සහ විශ්වාස කරන්නෙ එහම තමන්ගෙම දෙයක් කරල ගොඩ යන්න අමාරුයි කියල.

එ වගෙම තමන්ගෙම කියල දෙයක් පටන් ගන්නකොට කිසිම කෙනෙක්ගෙ සහයක් ලැබෙන්නෙ නැ.

පවුලෙ අයගෙ ,යාලුවන්ගෙ කිසිම කෙනෙක් සහය දෙන්නෙ නැ.
එයාල කියන්නෙ ඕව හරියන්නෙ නැ. රැකියාවක් කරන්න කියලා.

ඒකට ප්‍රධානම හේතුව තමයි ඔයා රැකියාවක් කරනවනම් ඔයාට පලවෙනි මාසෙ ඉඳලම මුදල් ලැබෙනව. නමුත් තමන්ගෙ කියල දෙයක් පටන් ගන්නකොට කාලයක් යනව තමන්ගෙ කියල ආදායමක් අරගන්න.

ඔයා ආයතනයක රැකියාවක් කරනවනම් ඔයාට කරන්න තියෙන්නෙ වැඩ යම් කිසි ප්‍රමාණයක් විතරයි.

ඒත් ඔයාගෙම කියල දෙයක් ඔයා කරනකොට ඔයාගෙ ආදායම හදාගන්න ඕන ඔයා. ඒ වගේම ඔයාගෙ මහන්සිය මත තමා සියල්ල රැඳිලා තියෙන්නෙ. ඔයාගෙ කැපවීම මත ඔයා ලබන ආදායම රැඳෙනවා.

ඔයාට ලොකු වගකීමක් තියෙනව.

වටෙ ඉන්න අය කියනව ඕව හරියන දේවල් නෙවෙයි ඒ වගෙ මානසිකව ඔයාව වට්ටන දේවල් අහන්න දකින්න ලැබෙනව.

මෙ හැමදේම දරාගන ඔයා ඉදිරියට යන්න ඕන.

ගොඩක් මිනිස්සුන්ට මෙ කැපකිරීම් කරන්න බැ. එ නිසා තමයි එයාල මෙ වගෙ තමන්ගෙම කියල දෙයක් නොකර තව කෙනෙක් යටතෙ වැඩ කරන්න යන්නෙ.

අනික් වැදගත්ම දෙ තමන්ගැන විශ්වාසයක් නැති කම.

ඔයාගෙම කියල දෙයක් කරන්න පටන් ගන්න අනිවාර්යයෙන් ම ඔයාට ඔයා ගැන විශ්වාසයක් තියෙන්න ඕන.

අනිවාර්යයෙන් ම ඔයා ඔයාගෙ දේ ගොඩ නංවාගන්න ඕනනම් ඔයා මුලින්ම මුදල් බලාපොරොත්තු නොවී ඔයාගෙ මූලික අඩිතාලම තියන්න ඕන.

ඔයාගෙ බිස්නස් එක හෝ කුමක් හරි වේවා ඔයා මූලික පියවර හරිවිදියට කරන්න ඕන.

ගෙදරක උනත් අත්තිවාරම හොද මදිනම් එ ගෙදර කඩන් වැටෙනව.

ලාභ වෙන්න පුලුවන් පාඩුවෙන්න පුලුවන් ඒ උනත් ඔයා දිගටම අල්ලගන කරන්න ඕන.

එතකොට මාස කීපයක් යනකොට ඔයාට පුලුවන් ඔයාගෙම කියල මාසෙකට අදායමක් ලබාගන්න පුලුවන්.

තමන්ගෙ කියල දෙයක් කරන්න අකමැති ඒ වගේම තව කෙනෙක් යටතෙ වැඩ කරන්න කැමති පිරිසක් ඉන්නව. එයාලට නෙවෙ මම මෙ කියන්නෙ.

ජීවිතය දිනන්න බලාගන ජීවිතය ගොඩ යන්න බලාගන ඉන්න අයට.

ඔයාම හදන ඔයාගෙ company එකටම දවසක digry ගත්ත අය වැඩ කරන්න ඒවි.  පොඩි තැනකින් පටන් අරගන ලොකු තැනකට යන්න ඔයාටත් පුලුවන්.

ඔයාට අවශ්‍ය වෙන්නෙ උත්සහය,ශක්තිමක් මනසක්, කැපවීම , දැනුම .

කවුරුවත් කියන දේවල් වලට බයවෙලා ඒව ඔලුවට අරගන ඔයා ඔයාගෙ හීන නැතිකරගන්න එපා.

ඔයා ඔයාව විශ්වාස කරන්න ,ධනාත්මක වෙන්න ඔයාට පුලුවන් උපරිමය කරන්න.

මහන්සිවෙන්න ඕනි. මහන්සි නොවි කිසිම දෙයක් කරන්න බැ.

කෙනෙක් යටතෙ වැඩ කරනව වගෙ නෙවෙ. ඔයා කරන දේකදි ඔයාගෙ මත ලොකු වගකීමක් පැවරෙනව. ඔයා වෙනුවෙන් ඔයා වැඩ කරන්න ඕනි. 

ඔයා වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් නම් විතරක් ඔයා ඔයාගෙම දෙයක් පටන් ගන්න.

මොනවද වාසි ...

ඔයාට සම්පූර්ණ නිදහස ලැබෙනව.. කාටවත් යටත් වෙලා ඉන්න ඕන නැ. ඔයාගෙ දේවල් කරගන්න ඔයාගෙ ජීවිතෙ ගොඩ නංවා ගන්න ඔයාට උපරිම නිදහස තියෙනවා.

කවුරුවත් කියන දේවල් කරන්න ඕනිවෙන්නෙ නැ. කිසිම නීතියක් නැ. ඔයාට ඕනිම තීරණයක් ගන්න පුලුවන්.

ඒ වගේම කාලයක් ගත වෙනකොට ඔයා ආදරයෙන් පටන් ගත්ත ඔයාගෙම business එක ඔයාව දිනවයි හිතාගන්නවත් බැරි විදියට.

හැබයි අනිවාර්යයෙන් ම ඔයා ඔයාවෙනුවෙන් කැපවෙන්න ඕනි බව මතක තියාගන්න.

පොඩියට උනත් පටන් අරගන්න. ජීවිතෙ හැමදාම එකම තැන ඉන්නෙ නැතුව ඉස්සරහට යන්න.

අපි මෙ ලෝකෙට ඇවිල්ල තියෙන්නෙ දුක් විදින්න නෙවෙයි. මෙ ජීවිතය විදින්න.

උත්සහය තියෙනවනම් කරන්න බැරි දෙයක්නැ.  ඔයා ඔයාව විශ්වාස කරන්න. 

Post a Comment

0 Comments