Black heads සහ white heads ඉවත් කරගන්න පහසු ක්‍රම.
අපි ඉස්සල්ලම බලමු මොනවද black heada සහ white heada කියන්නෙ කියලා.
අද කාලෙ ගැහැණු ලමයින්ට වගේම පිරිමි ලමයින්ටත් තියෙන ප්‍රශ්නයක් තමයි මෙ හමෙ ඇතිවන කුරුලෑ පැල්ලම්. නැත්නම් බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස්.අපි බලමු ස්වාභාවි ද්‍රව්‍ය වලින් කොහොමද මෙ පැල්ලම් ඉවත් කරල සම යතා තත්වයට පත් කරගන්නෙ කියල.
black heads කියන්නෙ අපෙ මූණෙ ඇති වුන කුරුලෑ වල ඇක්නි නිසා මූනෙ එකතු වෙලා තියෙන කුනු දූවිලි වගෙ දේවල්.
White heads නම් ඔයාගෙ හම oily නම් ඔයාගෙ හමෙ ඇතිවෙන බිබිලි සුදු පාටින් ඇතිවන පැල්ලම් හදුන්වන්න පුලුවන්.
මෙ බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් අයින් කරන්න අද වෙනකොට ගොඩක් ප්‍රඩක්ට් තියෙනව.
වෙලඳපලෙන් අපිට සෑහෙන්න product මිලදි ගන්න පුලුවන්.
නමුත් සමහර ප්‍රඩක්ට් නිසා දැනටමත් සමහර අයගෙ මුහුණ තිබුනටත් වඩා අවුල් වෙලා තියෙනව.
ඒ ප්‍රඩක්ට් වල තියෙන යම් යම් රසායනික දේවල් වලින් අපෙ මුහුණට හානිදායක වෙන්න පුලුවන්.
ඒකට හේතුව අපෙ මුහුණෙ තියෙන හම මෘදු වීම.
මම දැන් ඔයාලට කියල දෙන්නම් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරල පහසුවෙන් කොහොමද ඔයාගෙ මූණෙ තියෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් කරගන්නෙ කියල.
මේවයෙ කිසිම රසායනික ද්‍රව්‍ය නැති නිසා කිසිම අහිතරකර ප්‍රතිපලයක් නැ.
මූලික පියවර විදියට ඔයා මෙ සත්කාර කරන්න කලින් හොඳින් නාගන්න.
ඒකට හේතුව තමයි ස්නානය කරනකොට අපෙ සමෙ ඇති සිදුරු විවෘත වෙනව.
එතකොට ඔයාලට ඉක්මනින් ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වෙනව.
ඒ වගේම ඔයාගෙ මූණ හොඳින්න් පිරිසිදු වෙනව වගෙම ඔයාගෙ අත් දෙකත් හොඳින් පිරිසිදු වෙන්න ඕනි.
ඔයාට දෙහි යුෂ යොදපු මද රස්නෙ ජලයෙනුත් ඔයාගෙ මූණ සහ දෑත් පිරිසිදු කරන්න පුලුවන්.
1. බිත්තර හා මී පැණි.
මුලින්ම බිත්තරයෙ සුදු මදය ඔයා කහ මදයෙන් වෙන් කරගන්න.
ඒක හොදට ගසාගන්න. ඊට පස්සෙ ඒකටම මී පැණි මේස හැඳි 01ක් එකතු කරන්න .
එ හදාගත්ත ආලෙපය ඔයාගෙ මූණෙ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙන තැන් වල හොඳින් ගාන්න.
විනාඩි 30ක් විතර මූණෙ ආලේපනය තියලා මද රස්නෙ ඇති වතුරෙන් සෝදන්න.
3. තක්කාලි
මේක ගොඩක් පහසුවෙන් හොයාගන්න පුලුවන් දෙයක් වගෙම හරිම පහසු ක්‍රමයක්.
ඒ නමුත් මේකෙන් ලැබෙන ප්‍රතිඵලය නම් ලේසි පහසු නැ.
තක්කාලි යුෂය මිරිකල අරගන ඔයාගෙ මූණෙ ආලෙප කරල විනාඩි 20ක් පමණ් තියල මද රස්නෙ ජලයෙන් සෝදන්න.
4.දුඹුරු සීනි , සුදු සීනි, olive oil , වැනිලා සාරය ,මී පැණි
දුඹුරු සීනි සහ සුදු සීනි මුලින්ම හොඳින් මිශ්‍ර කරන්න. ඊට පසුව ඔලිව් ඔයිල් සහ වැනිලා එකතු කරල හොඳින් මිශ්‍ර කරන්න.
ඊට පස්සෙ ඒ මිශ්‍රණය ඔයාගෙ මූණෙ හොඳින් සම්බාහනය කරමින් ආලෙප කරන්න.
සතියකට වතාවක් මේක කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි.
5.ඕක් පිටි සහ කුරුඳු පිටි
මෙ දෙවර්ගයම එකම ප්‍රමාණයෙන් සාමාන්‍ය උණුසුම් ජලය දාලා තලපයක් ආකාරයට හදාගන්න.
මේ තලපය ඝනකම් එකක් වෙන්න ඕන.
මූණෙ ආලෙප කරල රවුම් ආකාරයට ඇඟිලි තුඩුවලින් සම්භාහනය කරන්න.
විනාඩියක් වගේ සම්භාහනය කරලා සිසිල් ජලයෙන් සෝදල ඉවත් කරන්න.
මේකනම් මාසයකට 2වරක් සිදුකරහම ප්‍රමාණවත්.
6. බිත්තර මාස්ක්
බිත්තරයෙන් සුදු මදය වෙන් කරගන ලප ඇති තැන් වල ආලෙප කරන්න.
ඊට පස්සෙ වේලේන්නට ඇරල ආයෙම ස්තරයක් ආලෙප කරන්න.
මේ වගෙ ස්තර කීපයකට ආලෙප කරගන්න.
මේකෙන් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් වෙනව වගේම ඔයාගෙ හමෙ තෙතමනය පවත්වාගන්න වගේම මැරුණු cells ඉවත් කරල හම පැහපත් කරගන්නත් වැදගත් වෙනව.
ඊට පස්සෙ වේලේන්නට ඇරල ආයෙම ස්තරයක් ආලෙප කරන්න.
මේ වගෙ ස්තර කීපයකට ආලෙප කරගන්න.
මේකෙන් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් වෙනව වගේම ඔයාගෙ හමෙ තෙතමනය පවත්වාගන්න වගේම මැරුණු cells ඉවත් කරල හම පැහපත් කරගන්නත් වැදගත් වෙනව.
7. බේකින් සෝඩ සහ ජලය
ජලය සමඟ බේකින් සෝඩ මිශ්‍ර කරල ආලෙප කරලා විනාඩි 05ක් වගෙ තියල සෝදල හරින්න.
මැරුණු සම ඉවත් කරගන්නත් මේක උපකාරි වෙනව.
8.කෝපි සමඟ පොල්තෙල්.
කෝපි සහ පොල් තෙල් සම ප්‍රමාණවලින් මිශ්‍ර කරලා මදක් රත් කරගන්න.
ඊට පස්සෙ ඔයාගෙ මූණෙ රවුම් මෘදු ලෙස සම්භාහනය කරමින් ආලෙප කරන්න.
scrub එක විනාඩි 05ක් විතර කරල ඇල් වතුරෙන් සෝදල ඉවත් කරන්න.
සතියකට වතාවක් ඔයාට මේක කරන්න පුලුවන්.
ඔයාගෙ සමෙ තියෙන කැලැල් ඉවත් කරගන්න මෙ ක්‍රමය වැදගත්.
9.කහ කුඩු සහ කිරි.
කහ කුඩු මේස හැදි 1කට කිරි මේස හැදි 2ක් මිශ්‍ර කරල දෙහි යුෂ බිංදු කිහිපයක් එකතු කරන්න.
ඊට පස්සෙ මේක පුළුන් වලින් මූණෙ ආලෙප කරන්න.
විනාඩි 10ක් වගෙ තියලා මද උණුසුම් ජලයෙන් සෝදල ඉවත් කරන්න.
සතියකට 02 වතාවක් කරන්න.
10. ලෙමන් යුෂ සහ ළුුනු යුෂ
ලෙමන් යුෂ පුළුන් කැබැල්ලක් භාවිතයෙන් ඔයාගෙ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඇති තැන් වල ආලෙප කරන්න.
සති 02ක් දිනපතා කරන්න ඔයාට ප්‍රතිඵල ලැබෙයි .
ලූනු යුෂත් පුළුන් කැබැල්ලක් පාවිච්චියෙන් සතියකට වතාවක් ආලෙපකරන්න.












0 Comments