ඔයාගෙ සහකරුවාගෙ පස්සෙන් ආදරය ඉල්ලගන එහම නැත්නම් බැගෑපත් වෙලා අවධානය ඉල්ලමින් ගිහිං දැන් ඔයාට ඇතිවෙලාද..
ආදර සම්බන්ධය පටන් ගත්ත මුල් කාලෙ නිතර දෙවෙලේ මුණ ගැහෙනව, call msg කරනව, date යනව. ඒත් දැන් කාලයත් එක්ක ඔයාගෙ පෙම්වතාට ඔයා ව මගඇරිලද ?
වෙනද වගෙ ඔයා ගැන හොයන්නෙ බලන්නෙ එහම නැත්නම් ඔයාට ඔහුගෙ ජීවිතයෙ මුල් තැන දෙනවද.
ඔයා එක්ක date එකක් යනව වෙනුවට ඔහුගෙ යාලුවො එක්ක ගත කරන කාලය වැඩිවෙලා, එහම නැත්නම් ඔයා වෙනුවට ඔහුගෙ ජීවිතයෙ වෙන සාධක ප්‍රමුඛ වෙලාද..
ඔයාල දෙන්නගෙ සම්බන්ධතාවයට ඔයාට වඩා ප්‍රමුඛ දේවල් දැන් ඔහුගෙ ජීවිතයෙ තියෙනව එහම නේද.?
හැබයි මුණ ගැහුන මුල් කාලයෙ එහම නෑනෙ.
මෙ වගෙ තත්වයකට දැන් ඔයා මූණ පාල තියනවනම් ඔයාගෙ දැන් හැසිරීම මොන වගේද ??
ඇත්ත මෙ වගෙ තත්වෙකදී ධනාත්මකව ඉන්න අමාරුයි .
ඔහු ඔයාගෙන් ඈත්වෙයි කියන බය ඔයාට එතකොට දැනෙන්න ගන්නව. එ වගෙම ඔයා වැඩිපුර උත්සහ කරනවා ඔයා සහ ඔහු අතර කතාබහා ගොඩනංවන්න.
නිතරම ඔහුට කෝල් කරනව. ඇයි මෙහෙම කරන්නෙ කියල ඔහුගෙන් ප්‍රශ්න අහනව.
සමහර අවස්තාවලදි මෙ තත්වය දුර දිග යන නිසා ඔයාල දෙන්න අතර රණ්ඩු පවා ඇතිවෙනව.. එහෙම නේද..
ඔයා නිතර ඇවටිලි කරනව මට කතාකරන්න කියල නිතර ඔහුගෙ වටේම කැරකෙනව.
මේ දේවල් දැන්ම කරනවනම් මෙ දේවල් දැන්ම ඔයා නතර කරන්න. මොකද මෙ දේවල් නිසා වෙන්නෙ මෙ ප්‍රශ්නය තව දුරටත් වර්ධනය වීම පමණයි.
එ වෙනුවට මම ඔයාට යෝජනා කරනව මේ දේවල් කරල බලන්න කියල.
1. අලුත් ප්‍රවේශයක් ගන්න..
එහම නැත්නම් ඔයාට තාවකාලික විසඳුමක් හම්බෙලා ඇති..
ඔයා ඇවටිලි කරහම හම්බෙන්න එන්න. මට කෝල් කරන්න messege කරන්න කියලා ඔහු ඔයා එක්ක කතාකරන්න ඇති.
ඒ උනත් ඔයා ආයෙම සතුටින් ඉන්න බව තේරුණාම ඔහු ආයෙමත් ඔයාව ගණන් නොගෙන ඉන්න තත්වෙට ඇවිත් ඇති. එහම නැතිනම් ටිකෙන් ටික අවදානය ඉවත්වෙන බව ඔයාට දැනිලා ඇති..
දැන් එහම නම් ඔයා වෙනස් වෙන්න.
ඔයා එ ප්‍රශ්නය ගැන කතාකරන එක නතර කරන්න... ඔයා ඒ නිසා දුකෙන් ඉන්න බව තව දුරටත් ඔහුට දැනෙන්න දෙන්න එපා.
ඔයාට ඔහුව වෙනස් කරන්න ඕන නම්. ඔයාට ඔහුගෙ ඔයා ගැන තියෙන චර්‍යා රටා වෙනස් කරන්න ඕන නම් ඔයා මුලින්ම ඔයා ඔහු එක්ක පවත්වන චර්‍යා රටා වෙනස් කරන්න වෙනව.
ඔයා අවධානය නොදෙන එක ගැන තව දුරටත් කතාකරන්න එපා.
මෙ ප්‍රශ්නය නිසා ඔයා පීඩාවෙන් දුකෙන් ඉන්නව කියල අඟවන්න එපා.
ඔයාට ඒක notice නෑ වගෙ සාමාන්‍ය විදියට ඉන්න.
මෙ දේවල් කරන්න අමාරු උනත් අමාරුවෙන් හරි ඔයා කරනව කියන්නෙ ඔයාට තවදුරටත් ඔහුගෙ ආදරය ,අවදානය ඉල්ලමින් ඔයාට දුක් වෙන්න අවශ්‍ය වෙන්නෙ නැ.
2. ඔයා විතරක් දන්න රහස් කාලයක් තියාගන්න.
සති 2ක් හො සති 3ක්.ඔහු නැවත ඔයා ගාවට පෙර තිබුන ආදරය අවදානය අරගන එන්න ඔයා ඒ කාලය ඔහුට දෙන්න.
ඔහුට ඒක ගැන කිසිම වෙලේක කියන්න එපා .. ඒක ඔයාගෙ හිතේ විතරක් තියාගන්න.
ඔයාට මම මෙ කියන tips එ කාලය තුල හරිම විදියට ඔයා කරන්න.
3. ඔහු ඔයාව ignore කරන එක ඔයා ගණන් නොගන්න පව එයාට පෙන්වන්න.
ඒක මාර powerful.. ඔහු ඔයාට රිද්දලත් ඔයාට රිදුනෙ නැති බව ඔහුට දැනුනම ඒක ආදරයට ප්‍රතිවිරුද්ධයි.
පිරිමි එහම වෙනවට බයයි.
කාලයක් තිස්සෙ තමන්ගෙ පස්සෙන් ආව ගෑනු ලමය ඇයි මෙ දැන් මෙහෙම වෙනස් වෙල කියල ඔහු එතකොට හොයන්න ගන්නව. එතකොට ඔහු බලනව ඔයා ගැන.
එක පාරම එ වගෙ වෙනසක් ඔවුන්ට දරාගන්න බැ.
මම කියන්නෙ තරහ වෙන්න කියල නෙවෙයි. ඔයා ඔහු සමඟ තරහ වෙන්න එපා.
නමුත් පස්සෙන් යන්න එපා.ඔයාට කතාකරන්න කියල බල කරන්න එපා.
වෙනදට ඔහුගෙන් msg call නැති වුනාම ඔයා දිගින් දිගටම cll msg කර කර හේතු අහනවනම් ඔයා ඒක දැන් නවත්වන්න.
රණ්ඩු කරන්න කේන්තිගන්න අඬාවැලපන්න තහනම්.
වෙනදට ඔයාල දෙන්න අතරෙ සංවාදය පටන් ගන්නෙ ඔයානම්. ඔයා නිහඬ වෙන්න. නිහඬ වෙලා ඉන්න.
එතකොට ඔහු බලනව ඇයි ඔයා නිහඬ කියල.
විනීතව ඔහු එවන messag වලට උත්තර දෙන්න. තරහ වෙන්න අවශ්‍ය වෙන්නෙ නැ. ඔහු කතාකරොත් කතාකරන්න.
සාමන්‍ය විදියට සංවාදය ගෙනියන්න. අමතර කිසිම දෙයක් ඔයා ඉස්මතුකරන්න එපා.
මෙ අවස්තාවෙදි ඔහු තරහෙන් ඔයාගෙන් අහන්න ඉඩ තියෙනව ඇයි මෙ කියල.
මෙ අවස්තාවෙදි ඔයා එක්ක ඔහු කතාකරන්න ඉඩ තියෙනව නමුත් ඔයා වෙනස් වෙන්න එපා.
ඔයා ඔහුට දුන්න කාලය තවමත් ඉතිරි නිසා සාමකාමීව උත්තර දීලා ඔයා පසෙකට වෙන්න.
04. ඔයාට මූලිකත්වය දෙන්න.
ඔහු ඔයාගෙ පස්සෙන් එනව. ඔයා එක්ක කතාකරන්න කාලය ගතකරන්න ඔහු ගොඩක් ආසයි.
ඒ කාලයෙ ඔයා වැඩිය ඔහු සමග කතාවට යන්නෙ නැ.
ඔයා ඔයාට ඒ කාලයෙ ප්‍රමුඛ තාවය දීල තියෙනව. ඔයා ඔයාගෙ ජීවිතයෙ මුල් තැන දීල තියෙන්නෙ ඔයාට.
ඔයා සතුටින් ඔයාගෙ දේවල් කරගන ජීවත් වෙනව.
ඒ කාලයෙ ඔහු ඔයාගෙ ලඟමයි.
ඒත් කාලය ගතවෙනකොට ඔයා ඔහු සමඟ ගෙවන කාලය වැඩි.
නමුත් කාලයත් එක්ක ඔයා ඔහුට දෙන අවධානය කාලය මඟඇරෙනව.
ඔයා ඔහු ගැන ඔයාට වඩා වදවෙනව. ආදරය නිසාම ඔයා ඔයාව අමතක කරල ඔහු සමඟ බැදෙන්න පටන් අරගන්නව.
එතන ඉඳන් තමයි ඔයා ගැන තියෙන අගය ඔහුට නැතිවෙන්න පටන් අරගන්නෙ.
ඔයා ඔයාගෙ සහකරුට 100% අවධානය දෙන එකෙන් ඔයාව අමතක වෙනව.
මෙතනදි මෙ වගෙ වෙන කාන්තාව ට තමන්ගෙ ආදරවන්තයා නැති උනාම ජීවිතයම කඩා වැටෙනව වගෙ වෙනව.
මෙකට එකම විසඳුම ඔයා ආයම ඔයාට සම්පූර්ණ අවධානය දෙන එක.
ඔයාව හොඳින් පිලිගන්න. මෙ මොහොතෙ ඔයා මොන තත්වෙක ඉදියත් ඔයා ඔයාව පිලිඅරගන්න.
ඔයා ගොඩක් විශේෂ කෙනෙක්.ඔයා තමයි මෙ ලෝකෙ ඉන්න වටිනම කෙනා.
එහම ඔයා හිතන්න පටන් අරගන්න. ඔයා ගැන ධනාත්මක ව සිතන්න පටන් අරගන්න.
* පුද්ගලික වර්ධනය
* සතුට
* තමන්ට ආදරය කිරීම
මෙ දේවල් වර්ධනය කරගන්න.
වෙනද වගෙ නැතුව ඔයාගෙ hair style එක change කරන්න. work out කරන්න පටන් ගන්න. shopping කරන්න යන්න , ඔයාගෙ යාලුවො එක්ක date යන්න.
ඔයාගෙ ප්‍රමිතීන් ගොඩ නංවා ගන්න.ඔයාට කියල වටිනාකමක් හදාගන්න.
මෙතනදි ඔයාව සතුටු කරන්න පුලුවන් දේවල් කරන්න.
හැබයි ඔයාගෙ සහකාරයාට කිසිම විදියෙ වරදක් කරන්න නෙවෙ මම මෙ කියන්නෙ.
ඔයාව සතුටු කරන්න හැබයි සීමාවක් තුල. වැරදි කරන්න සහ ඔහුව රිද්දන වැඩ කරන එක තහනම්.
ඔහු එක්ක කතාබහ කරන්න. ඔහු කතාකරහම කතාබහ කරන්න නමුත් සම්පූර්ණයෙන් ඔයාගෙ අවධානය ඔයා ගාවට ගන්න.
මෙ විදියට ඔයා ඔයාගැන හිතල වැඩ කරනකොට ඔයාගෙන් පිටවෙන්න හරිම ධනාත්මක ශක්තියක්.
ඔයා ගොඩක් attractive කෙනෙක් වෙනව.
නිතර දෙවෙලෙ පිරිමි පස්සෙන් අඬ අඬ යන කාන්තාවට වඩා ඇත්තටම පිරිමි ආකර්ශනය වෙන්නෙ මෙ වගෙ ගෑහැනු ලමයින්ට.
අවසාන ප්‍රතිඵලය...
මෙ විදියට සති 2ක් හො 3ක් ඔයා වැඩකටයුතු කරගන යනකොට ඒක ඔයාගෙ සහකරුට note වෙනව.. සතියක් යන්නත් කලින් ඔහුට ඒක දැනෙනව.
තමන්ගෙ පස්සෙන්ම ඇවිල්ල තමන්ගෙ මත්තෙම නැහුන සහකාරිය එක පාරටම කොහොමද වෙනස් උනෙ කියල ඔහු හොයනව බලනව .
සමහරවිට ඔහු ඔබෙන් අසාවි. වෙනසට හේතුව.
ඔහුට එක පාරටම දරාගන්න බැ ඔයාගෙ වෙනස.
මෙ පියවර ඔයා හරියටම අනුගමනය කරානම් 90% දෙනාම අනිවාර්යයෙන් ම අහනවා ඔයාගෙන් හේතුව.
එ හේතුව අහන කාලයේදි ඔයාට පුලුවන් ඔයාගෙ පෙම්වතාට නිවැරදි හේතුව කියන්න. ඔහුගෙන් උන අඩුපාඩු කියන්න. ඔයාට ඔහුගෙන් අවශ්‍ය දේවල් අවශ්‍ය ආකාරය කියන්න.
මේක තමයි හොදම වෙලාව.
ඔයා රණ්ඩු කරලා හේතු අහන් යනවට වඩා ඔහුම මෙ ප්‍රශ්නය ගැන කතාකරන්න ඔයාට කාලය දෙන එක හොඳයි නේද..???
ඉන්පසුව ඔයාට නැවත ඔහුගෙන් ඒ ආදරය ලැබෙවි. ඔබ බලාපොරොත්තු වෙන ආදරය අනිවාර්යයෙන් ම ඔහු ඔයාට නොඅඩුව ලබාදෙයි. අවදානය නැවත ඔයාට ලැබෙනවම තමයි.
මම ප්‍රාර්තනා කරනව ඔයා හොයන ආදරය ඔයාට හිතනවට වඩා ලැබෙන්න කියල.
All the best



.jpg)


0 Comments