ඔයා ලෑස්තිද අලුතෙන් ජීවිතේ පටන්ගන්න.

 ඔයා ලෑස්තිද ඔයාගෙ ජීවිතය වෙනස් කරගන්න.


ඔයාගෙ ජීවිතෙ ඔයා අද මොන මට්ටමක මොන තත්වෙ ඉදියත් අලුත් වෙනසක් ජීවිතේට කරගන්න කැමති නම් දිගටම කියවන්න.


දවසෙන් වැඩි හරියක් social media භාවිත කරන ගමන් phone එකෙන්ම ඉන්නෙ නැතුව අලුතින් අද ඉඳන් ජීවිතෙ ආරම්භ කරමු.

ඔයාලට මම අද අරගන ආවෙ 14 days morning routine challange එකක්.

දවස් 14ක් ඔයා ඔයාගෙ morning routine එකට මම මෙ කියන දේවල් එකතු කරගන්න.

ඔයා උදෙම job එකක් කරන්න යන කෙනෙක් නම් උදේ ඔයා වෙනදට නැගිටින වෙලාවට වඩා පැයකට කලින් නැගිටින්න.

ඔයාගෙ ජිවීතෙ වෙනස් කරගන්න ඕන ඔයයි. ඔයා තමයි ඔයාගෙ ජීවිතෙ දිනවන්න ඕන.

දවස් 14ක් මෙ දේවල් කරාම ඔයාට මේක පුරුද්දක් බවට පත්වෙනව. ඊට පස්සෙත් දිගටම මෙ දේවල් කරගන යන්න ඔයා වග බලාගන්න.

14 day morning routine challange

1.උදේම නැගිටපු ගමන් ධනාත්මක සිතිවිලි ඔයාගෙ මනසට දාගන්න.




ඔයා උදේම නැගිටලා ඔයාගෙ phone එකනම් ඔයාගෙ අතට ගන්නෙ ඒකෙන් ඔයාගෙ දවස විනාස වෙන්න තියෙන හැකියාව වැඩි.

හැම දවසක්ම අලුත් දවසක්. හැම දවසක්ම ලස්සන දවසක්. ඉතිං ඔයා ඔයාගෙ දවස ලස්සනට ගත කරන්න ඔයා උදේ නැගිටපු ගමන් ඔයාගෙ මනසට ඇතුල් කරගන්න ඕන ධනාත්මක සහ ඔයා සතුටුවෙන දේවල්.

උදේම ඔයා phone එක ගත්තම phone එකේ ඔයාගෙ යාලුවෙක්ගෙ දුක හිතෙන කතාවක් දකින්න හො යම් දෙයක් ඔයා දකින්න පුලුවන්.එහම නැත්නම් ඔයා උදේම ඔයාට තරහ ඇවිස්සෙන දෙයක් දකින්න පුලුවන්.

එතකොට ඔයාගෙ දවස පටන් ගන්නෙ ඔයා තරහෙන්. එහම නැත්නම් දුකෙන්.

සමහරවිට ඔයා phone එකෙන් youtube එකට එහම නැත්නම් ඔයා facebook app වලට යාවි. එතකොට වෙන්නෙ ඔයා ඒකෙ උඩ පහලට ගිහිං වැඩකට නැති දේවල් බලල තමයි ඔයාගෙ දවස පටන් ගන්නෙ. එතකොට ඔයාගෙ දවස සමහර විට කම්මැලි වෙන්න පුලුවන්.

උදේම ඔයා දවස පටන් ගන්න සිතිවිල්ල ගොඩක් වැදගත් වෙනව මුලු දවසෙම ඔයාගෙ ශක්තිය පවත්වා ගන්න, එහම නැත්නම් සතුටින් ඉන්න.

උදෙන්ම ඔයා ඔයා වෙනුවෙන්ම නිර්මාණය කරගත්ත ස්වයංයෝජනා කියවන්න එහම නැත්නම් හිතන්න.

උදෙන්ම ඔයා සතුටෙන් හිනාවෙලා දවස පටන් අරගන්න.

හැමවෙලේම ධනාත්මක වෙන්න.

මෙ විදියට ධනාත්මකව ඔයා දවස පටන් ගත්තම ඔයාට දවස ඇතුලතදි මොනව හරි ප්‍රශ්නයක් වුනොත් ඔයාට පුලුවන් ඒ ප්‍රශ්නෙන් move වෙලා දවසෙ වැඩ ඔයාට කරගන යන්න.

2. ඔයාට ස්තූතිවන්ත වෙන්න පුලුවන් දේවල් 10ක් ලියල ස්තූතිවන්ත වෙන්න.



ඔයාට දැනට ලැබිලා තියෙන දේවල් වලට හෝ ලැබිලා නැති ඔයාට ලබාගන්න ආසාවෙන් ඉන්න  මෙ හැමදේටම ස්තූතිවන්ත වෙන්න.

ස්තූතිවන්ත වෙන එකෙන් ඔයාගෙ ජීවිතෙට ගොඩක් හොඳ දේවල් එකතු කරගන්න පුලුවන්.

ස්තූතිවන්ත වෙන්න විශ්වයට ස්තූතිවන්ත වෙන්න ඔයාට දැන් තියෙන මෙ හැමදේටම..

ඔයා දැනටමත් සපුර ගන්න බලන් ඉන්න ඉලක්ක 10ක් ලියල ඒව ඔයා දැනටමත් සපුරාගන ඉන්නව කියල හිතල ස්තූතිවන්ත වෙන්න.

ඔයාට දැනට තියෙන දේවල් වලට ස්තූතිවන්ත වෙලා බලන්න ඔයාට තව එ වගෙ හොඳ දේවල් ජීවිතයට ලැබෙවි..

ස්තූතිවන්ත වෙන එක හරියට magic එකක් වගෙ.

ඒ වගේම දවස ගානෙ එකම දෙයකට ස්තූතිවන්ත වෙන්න අමතක කරන්න එපා.

ඔයාගෙ goals එහම නැත්නම් ඔයා ලබාගන්න ඉන්න දෙවල් දවසින් දවස වෙනස් කරන්න එපා.

ඔයා අද රතු කාර් එකක් menifest කරලා  හෙට කලු කාර් එකක් හිතල හරියන්නෙ නැ.

ඒක නිසා ඔයාගෙ ස්තීර ම goals විතරක් ලියන්න.

3.ඔයාගෙ හීනය vizualise කරන්න.




විනාඩි 10 - 20ක් අරගන ඔයාගෙ හීනය එහම නැතිනම් ඔයාගෙ අනාගතෙ ඔයා ජීවත් වෙන්න කැමති විදිය ඇස් පියාගන මෙනෙහි කරන්න.

ඔයාගෙ ජීවිතේට ඔයාට අරමුණක් තියෙන්නම ඕන.

උදාහරණයක් විදියට ඔයාගෙම කියල ගෙදරක් හදාගන්නව කියන එක.

ඔයා හදන ගෙදර දැනටමත් හදල ඔයා ඒකෙ පදිංචිවෙනව ගිහිං. ඔයා ආසම පාට ඔයා ඒ ගෙදර බිත්ති වල ගාල තියෙනව. සතුටින් ඔයා ඔයාගෙ ගෙදර ඇවිදිනව. ඔයාට පුලුවන් විනාඩි 10ක් වගෙ පොඩි කාලයක් ඒ තුල ජීවත් වෙන්න.

දවස ගානෙ මෙ දේ කරන්න. මේකෙන් ඔයා ඔයාගෙ මනස හුරු කරනව ඔයාගෙ හීනයට. ඔයාගෙ හීනය ඉක්මනින් ම ඔයාට ලඟාකරගන්න මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

හැමදේටම මූලික වෙන්නෙ ඔයාගෙ යටි හිත. ඔයාගෙ යටි හිතට කාවද්දන ඕනිම දෙයක් ඔයාගෙ ජීවිතයට ඔයාට පහසුවෙන් ගෙන්වාගන්න පුලුවන්.

ඔයාගෙ හීන ඔයාගෙ goals දැනටමත් තියෙන බව හිතන්න. ඒ තුල ජීවත් වෙන්න. ඔයා ඒ හැමදේම ලබන්න සුදුසු බව ඔයාගෙ යටි හිතට කාවද්දන්න.

දවස ගානෙ ඔයාගෙ හීනය visualize කරන්න.

4. move your body




මෙතනදි කියන්නෙ work out කරන්න කියන එක. දවසකට විනාඩි 20ක් වගෙ ඔයාගෙ ශරීරය චලනය වෙන මොනයම් හෝ ක්‍රියාවක නිරත වෙන්න.

ඒකෙන් ගොඩක් ප්‍රයෝජන තියෙනව. ඔයාගෙ ඇඟ හැඩ කරගන්න එක වගේම ඔයාගෙ මානසික නිරෝගිබව හොඳ මට්ටමක තියාගන්නත් workout කරන එක වැදගත් වෙනව.

සතුටින් ඉන්න, කම්මැලි කම නැතිවෙන්න, ලෙඩ රෝග නැතිවෙන්න. ලස්සන ඇඟක් හදාගන්න ඔයාට ගොඩක් වැදගත් වෙනව work out කරන එක.


මෙ තියෙන්නෙ ඔයාගෙ morning routine එකට අදාල rule 04. ඔයා කැමතිනම් තව දේවල් එකතු කරගන්න පුලුවන්.

දවස ගානෙ ඔයා සතියක් මේ දෙවල් කරනකොට ඔයාටම යම් කිසි වෙනසක් දැනෙයි.

මෙ දේවල් වලට අමතරව දවස ගානෙ භාවනා කරන්න පුරුදුවෙන්න.

හැමවෙලේම සතුටින් ඉන්න,ජීවිතෙ විදිවන්නෙ නැතුව විඳින්න ඔයාට භාවනාව ගොඩක් වැදගත් වෙනව..

Post a Comment

0 Comments