ඔයාගෙ ගෙදර negative energies තියෙනවද කියල කොහොමද දැනගන්නෙ.

 ඔයාගෙ ගෙදර negative energies තියෙනවද කියල කොහොමද දැනගන්නෙ.


අපි අපෙ තියෙන negative සිතිවිලි අයින් කරගන්නව වගේම. අපෙ වටෙ අපි ජීවත් වෙන තැනත් අපි negative ශක්තීන් අයුන් කල යුතු වෙනව.

අපි මුලින්ම බලමු කොහොමද ඔයාගෙ ගෙදර negative ශක්තීන් තියෙනව කියල අඳුරගන්නෙ කියල.

1. නිතර රණ්ඩු දබර ඇතිවීම.



ඔයාගෙ ගෙදර අය අතර නිතර දෙවේලෙ අඩ දබර රණ්ඩු ඇතිවෙනවද. හැමවෙලේම ගෙදර අය ඉන්නෙ අනික් අය එක්ක තරහෙන්ද. එහනං ඔයාගෙ ගෙදර රිනාත්මක ශක්තීන් තියෙන්න පුලුවන්.

2. නිවසෙ අය නිතර ලෙඩ රෝග වලට භාජනය වීම.




ඔයාගෙ ගෙදර අය හැමවෙලේම අසනීප වෙනවනම්. එ කියන්නෙ නිදන්ගත රෝග නෙවෙයි. හැමවෙලේම ගෙදර කවුරුම හරි අසනීප වෙනවනම් මේකත් රිනාත්මක ශක්තීන් නිසා වෙන්න පුලුවන්.

අසනීප වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ උනත් හැමවෙලේම ගෙදර අය අසනීපෙන්. ඉස්පිරිතාල ගානෙ යන්න වෙනවනම් එතන ගැටලුවක් තියෙන්න පුලුවන්.

චූටි චූටි අසනීප නිතර තියෙනව වෙන්න පුලුවන්.

එහම නැත්නම් එලියට ගියහම අසනීප නැ ගෙදර ආවහම අසනීපයි වගෙ දැනෙන්න පුලුවන්.

3. මුදල් අපහසුතා.



ඔයාට හිතිල තියෙනවද කිසිම විදියකින් ඔයාට මුදල් ඉතුරු කරන්න වෙන්නෙ නැ කියල.

ලොකු මුදලක් හම්බුනත් ඒ මුදල් මොකක්ම හරි හේතුවක් ඇවිල්ල ඒකට වියදම් වෙනව වගේනම් මේකත් රිනාත්මම ශක්තීන් නිසා වෙන්න පුලුවන්.

ඔයාගෙ අතෙ කොච්චර උනත් මුදල් රැදෙන්නෙ නැත්නම්. නිතර මුදල් නාස්ති වෙනවනම් මේක හේතුවක්.

නිතර නිතර මුදල් අපහසුතා එනවනම්, හම්බකරන හැම මුදලම  කොහෙ යනවද කියල හිතාගන්න බැරි වගෙ ගතියක් තියෙනවනම් රිනාත්මක ශක්තීන් ඔයාගෙ ගෙදර තියෙන බව අපිට තේරුම් ගන්න පුලුවන්.

4.රෑට නින්ද යන්නෙ නැත්නම්.



ඔයාට දැනිලා තියෙනවනම් කොච්චර වෙලාසනින් නින්දට ගියත් ඔයාට නින්ද යන්නෙ නැ කියල.

එහම නැත්නම් එක පාරටම කඩින් කඩ ඇහරෙනවනම් මේකත් රිනාත්මක ශක්තීන් නිසා ඇතිවෙන්න පුලුවන් තත්වයක්.

5. සිහින


අපිට හීන පේනවනෙ. සමහර ඒවනම් අපිට මතක වත් නැ. එත් සමහර හීන නිසා අපි බය වෙලා ඇහරෙනව.

ඔයත් මෙ වගෙ බය හිතෙන හීන නිතර දකිනවනම් ඒකත් යම් රිනාත්මක ශක්තියක ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්.

නිතරම සතියකට පාරක් හරි ඔයා මෙහෙම හීන දකිනවනම් ඒක රිනාත්මකයි.

6. අපිරිසිදු බව


ඔයා කොච්චර ගෙදර පිලිවෙලට තියගන්න හැදුවත් අස් කරත් 100% කවදාවත් ගෙදර පිරිසිදු වෙන්නෙ නැ කියල ඔයාට පෙනිලා තියෙනවද.

ගෙදර කොච්චර අස් කලත් හැමවෙලේම අපිලිවෙලට නම් පේන්නෙ මේකත් යම් රිනාත්මක තත්වයක්.

කොච්චර සුද්ද කලත් කිසිම එලියක්නැ වගේනම් ඔයාගෙ ගෙදරත් රිනාත්කම ශක්තීන් වලින් පිරිල තියෙන්න පුලුවන්.

7.ආලොකය මදි ගති


ගෙ ඇතුලත ආලොකය මද ගතියක් තියෙනවනම් සහ ඔයාගෙ ගෙ ඇතුලෙ කිසිම ආලොකයක් නැත්නම්

එලියෙ ඉඳන් ගේ ඇතුලට යනකොට යනකොට ඔයාට ඔලුවට බරක් වගෙ දැනෙනවනම්.

ඒ කියන්නෙ මූසල වගෙ හැඟීමක් දැනෙනවනම් සහ ගේ ඇතුල හරිම අඳුරුනම් මේක රිනාත්කම ශක්තීන් ඇතිබවට ලකුණක්.

8. මනස නොසන්සුන් කම



ඔයාගෙ මනස ඔයාගෙ ගෙදර ඉන්නකොට නොසන්සුන් නම්. ඔයාට එක අරමුණක ඉන්න බැරිනං.

ඒ වගේම තමයි ඔයාගෙ ගෙදර ඉන්නකොට ඔයාට දැනෙනවනම් එක එක විකාර සිතිවිලි ඔයාට එන බව.

ඒ කියන්නෙ ඔයා හරිම නොසන්සුන්. තරහ යනව වෙන්න පුලුවන් කිසිම සතුටක්නැ ඔහෙ එපා උන ගතියකින් නම් ඔයා ගෙදර ඉන්නෙ ඔයාගෙ ගෙදර ශක්තියත් රිනාත්මකයි.

මෙ දේවල් වලින් කීපයක් ඔයාගෙ ගෙදර දැනටමත් තියෙනවනම් ඔයාගෙ ගෙදර ශක්තියක් රිනාත්මකයි.

දැන් අපි බලමු මෙ විදියට රිනාත්මක ශක්තීන් ඉවත් කරල කොහොමද අපෙ ගෙදරට ධනාත්මක ශක්තීන් එකතු කරන්නෙ කියල.

සිරියාවන්ත බව ගෙදරට එකතු කරන්නෙ කොහොමද කියලා බලමු.

1. solt water වලින් සෝදන්න.



ඔයාගෙ ගෙදර බිම solt water වලින් සෝදන්න. වතුර ඔයාට අවශ්‍ය ප්‍රමාණයට අරන් ඒකට ලුණු තේ හැඳි 3ක් 4ක් එකතු කරන්න.

ගොඩාක් එකතු කරන්නත් එපා. මොකද වේලුනම සුදුපාටට පාරවල් හිටිනව.

ඔයා ගන්න වතුර ප්‍රමාණෙ එක්ක බලල ඔයා ලුණු එකතු කරගන්න.

ඊට පස්සෙ ගෙදර බිම හොදට මොබ් කරන්න.

ඊට පස්සෙ නිකන්ම වේලෙන්න අරින්න.

මෙ විදියට සතියට එක වතාවක් වත් පිරිසිදු කරන්න.

එතකොට ඔයාගෙ ගෙදර තියෙන රිනාත්මක ශක්තිය අයින් කරල නැවත ධනාත්මක කරගන්න පුලුවන්.

2.එලඟි තෙල් පහනක් පත්තු කරන්න.


මේක උදේම කරන්න. ගෙ හොදට අතු ගාල එලඟිතෙන් වලින් පහනක් පත්තු කරන්න ගෙදර සාලෙ මැද.

මේකත් දිනපතා කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

3. holy water ඉහින්න.



පිරිත් වතුර / පිරිත් පැන් ඉහින්න. එහම නැත්නම් ඔයාගෙ ආගමට අනුව ඒ ආශ්‍රෙ දෙයක් ඔයාට භාවිත කරන්න පුලුවන්.

හැමදාම උදේ වරුවෙදි පිරිත් වතුර හෝ ඔයාගෙ ආගම අනුව සකසාගත් වතුර පාවිච්චි කරන්න පුලුවන්.

4.කපුරු හා කරාබු නැටි පත්තු කරන්න.

කපුරු සහ කරාබුනැටි එකටම තියලා පත්තු කරන්න.

දෙක එකට ඇවිලෙන්න දෙන්න.

5.නිවස ආලොකවත් කරන්න.



ඔයාගෙ ගෙදර තියෙන ජනෙල් හැම එකක්ම පුලුවන් හැමවෙලේම ඇරල තියන්න.

හොදින් ආලොකය එහා මෙහා යන්න ඉඩ දෙන්න. හොදින් ආලොකය ලැබෙන්න ඉර එලිය ලැබෙන්න සලස්වන්න.

ඔයාගෙ ගෙදර ජනෙල් පුටු තියල අරින එක අවහිර කරලනම් එව අයින් කරල ජනෙල් අරින්න.

ඝනකම් තිර රෙදි තියෙනවනම් ඒවත් ඇරල තියන්න.

සමහර ගෙවල් වල ප්‍රධාන දොර අවහිර වෙන්න එහම නැත්නම් බාගෙට ඇරෙන විදියට බඩු මුට්ටු තියල තියෙනව.

ඒකත් හරිම රිනාත්මකයි. එ නිසා ප්‍රධාන දොර ලග බඩු බාහිරාදිය තියන්න එපා සම්පූර්ණව ප්‍රධාන දොර අරින්න ඉඩ තියන්න. හැමවෙලේම සම්පූර්ණව දොර අරින්න.

නිවසට ආලොකය මෙන්ම හුලඟ එන්න ඉඩ දෙන්න.

6. අනවශ්‍ය බඩු ගොඩගහලා තියගන්න එපා.



ඔයාගෙ ගෙදර බඩු ගොඩක් පුරවල තියන්න එපා.

ධනාත්මක ශක්තීන් වලට ඔයාගෙ ගේදර හැමතැනම ගලාගන යන්න ඉඩ දෙන්න.

අන්වශ්‍ය පාවිච්චි කරන්නැති පොත් පත් රෙදි තව නොයෙක් නොයෙක් බඩු අයින් කරලා දාන්න.

හැමවෙලේම ගෙදර පිරිසිදු කරන්න.

ඇඳවල් යට මේස යට හැමවෙලේම අතුගාන්න පුලුවන් වෙන්න තියන්න.

ඇඳවල් යට මේස යට බඩු තියන්න එපා.

මකුළු දැල් කඩන්න. මකුළු දැල් කියන්නෙ ගොඩක් රිනාත්මක දෙයක්.

අනිවාර්යයෙන් ම මකුලු දැල් කඩලා ගෙ නිතරම පිරිසිදුව තියන්න වග බලාගන්න.

හැමවෙලේම ගෙ හොඳින් පිරිසිදු කරන්න.

අනවශ්‍ය බඩු, පාවිච්චි කරන්නෙ නැති බඩු ,කැඩුණු බිදුන දේවල් ගෙදර තියාගන්න එපා.

ගෙදර එ මැරුණ ගහක් වත් තියාගන්න එපා.

6. හඳුන්කූරු පත්තු කරන්න.



උදෙ හවස හඳුන්කුරු දල්වන්න අමතක කරන්න එපා.

මේකෙනුත් ඔයාගෙ ගෙදර රිනාත්මක ශක්තීන් ඉවත් වෙනව.

8.ආගමික වතාවත් වල නිරත වෙන්න.




උදේ හවා තමන්ගෙ ආගම අනුව ආගමික වතාවත් වල නියැලෙන්න.

එ වගේම පිරිත්,subliminal ,ඔයාගෙ ආගමට අදාල දේවල් ගෙදරටම ඇහෙන්න හැමදාම හවසට උදේට සද්දෙට දාල තියන්න.

7. ගෙදර මුලු සුද්ද කරන්න.



ඔයාගෙ ගෙදර මුලු වල කුණු පුරවන්න එපා.

අතුගාල ඒ කුණු ඉවත් කරන්න.

salt plate වලට දාල ගෙදර හැම මුල්ලකම තියන්න.
විනාඩි 30කින් විතර ඒක toilet එකට දාල ෆ්ලෂ් කරන්න.

එ කරනකොට කොයි වෙලේවත් ඔයාගෙ අත් වල ඒ ලුණු ගාගන්න එපා.

ඒ රිනාත්කම ශක්තීන් ඉවත් කරන්න  භාවිත කරපු ලුනු වල එ රිනාත්කම ශක්තිය ගැබ්වෙලා තියෙනව.
ඒව ඔයාගෙ ශරීරයෙ ගාගන්න එපා.

මෙ විදියට ඔයාගෙ නිවසෙ රිනාත්මක ශක්තීන් ඔයාට නැතීකරන්න පුලුවන්.

හැමවෙලෙම සිරියාවන්තව තියෙන හරිම නිස්කලංක ගෙදරක් ඔයාට මෙ පියවර වලින් ලබාගන්න පුලුවන්.

හැමවෙලේම ගෙදර අස්සක් මුල්ලක් නෑර අස් කරන්න.පිරිසිදු කරන්න. අනිවාර්යයෙන් ම කිලිටි රෙදි සෝදල තියන්න.

අපි වගෙම අපි ජීවත් වෙන අවට වට පිටාව ධනාත්මක කරගන්න පුලුවන් නම් අපිට 100% සාර්ථක කරගන්න පුලුවන්.








Post a Comment

0 Comments