ඔයා ආදරෙ කරන කෙනාට ඔයාව නැතුවම බැරි කෙනෙක් වෙන්න ඔයා මොනවද කරන්න ඕනි..

ඔයා ආදරෙ කරන කෙනාට ඔයාව නැතුවම බැරි කෙනෙක් වෙන්න ඔයා මොනවද කරන්න ඕනි..

අපි හැමොම කැමති අපි ආදරය කරන කෙනාව අපෙ ලඟින්ම ආදරයෙන් තියාගන්න. නමුත් අපි අතින්ම වෙන අතපසුවීම් නැත්නම් සමහර වැරදි නිසා අපෙ ආදරෙ කරන අය අපෙන් ඈත්වෙන්න පුලුවන්.


එ වගෙම අපි ආදරය කරන කෙනාට අපෙ තියෙන විශාල ආදරය නිසාම අපි කරන දේවල් නිසා අපෙ ආදරණියයන් අපෙන් ඈත්වෙන්න පුලුවන්

කොහොම නමුත් මම ඔයාලට කියල දෙනව කොහොමද ඔයාගෙ ආදරෙ කරන කෙනාව ජීවිත කාලෙම ඔයාගෙ ලඟින් ගොඩක් ආදරණීයව තියාගන්නෙ කියල.

1. Over rules දාන්න එපා..


එයාට නිදහස දෙන්න. එයාව ආදරෙන් බලාගන්න එයා එක්ක නිදහසෙ ආදරෙ කරන්න.. නමුත් එයා ගෙ ජීවිතේට අනවශ්‍ය විදියට පීඩනයක් එකතු කරල අනවශ්‍ය විදියට එයාට නීති දාන්න එපා...

මේකෙන් කියවෙන්නෙ නෑ.. එයා වැරදි කරනවනම් ඒ දේවල් ඉවසන්න කියලා.. වැරද්දක් කරනවනම් එයාට ඒක පහදල දෙන්න අවශ්‍ය වෙනව .

මෙතනදි කතාකරන්නෙ ඔයාගෙ gf / bf ට.
යාලුවො ආශ්‍රෙ කරනකොට, නෑදෑයො ආශ්‍රෙ කරනකොට , එයාගෙ ඇඳුම්, එයාගෙ තේරීම් වලට අනවශ්‍ය විදියට ඇතුල්වෙලා ඒ දේවල් පාලනය කරන්න එපා කියන එකයි..

එහම කරන එකෙන් සිදුවෙන්නෙ එයා කවදහරි දවසක ඔයාගෙන් breakup වෙන්න හිතුවොත්.. යම් හේතුවක් මත එයා ඔයාගෙන් අයින් වෙන්න හිතුවොත් අන්න ඒ over rule දාපු දේ negative විදියට බලපානව..

එයා හිතනව මෙයාගෙ ලඟ මට නිදහසක් නැ. මෙයා මගෙ ජීවිතේ පාලනය කරනව. මගෙ ජීවිතෙ මම කැමති විදියට මෙයා එක්ක ගතකරන්න බෑ කියන එක..

ඒක ඔයාට අවාසි සහගතයි..

නමුත් ඔයා හැම විටම එයාට උදව් කරනවනම්. එයාව තේරුම් ගන්නවනම්. එයාට එයාගෙ නිදහස දෙනවනම්, එයාගෙ අදහස් වලට කැමති සහ ගරු කරනවනම් සහ එයාගෙ යාලුවො එක්ක නිදහසෙ ඉන්න දීල එයාව සතුටින් තියනවනම් ඒක එයාට පහසුවක්.

ඒ වගෙම යම් තැනකදි ඔයාල වෙන් වෙන්න හැදුවත්.. එයාගෙ මනසට එනව අනෙ මෙ වගෙ කෙනෙක් නේද මම නැති කරගනනෙ මෙ කියල....

අපිට හැමවෙලේම පැය 24ම කෙනෙක්ව moniter කරන්න බැ...

ඒ වගෙම කොච්චර නීති දැම්මත් rule දැම්ම උනත් යන කෙනා කොහොමත් යනව.. වැරදි කරන කෙනා කරනව..

ඒ වගෙම තමයි ඔහුට හෝ ඇයට ඔයාලගෙ බැඳීම / ඔයාව තේරුම් ගෙන විශ්වාසය රකින්න එයාට ඉඩ දෙන්න...

ඔහු හො ඇය ඔයාට ඇත්තටම ආදරෙයි නම් අනිවාර්යයෙන් ම විශ්වාසය රකිවි..

2 . නිතරම fun එකේ සතුටින් ඉන්න කෙනෙක් වෙන්න...


ඔහුට හෝ ඇයට සතුට සිනහව දෙන්න. නිතරම ඔහු හෝ ඇය සතුටෙන් තියන්න..ඔයා විනෝදකාමි කෙනෙක් වෙන්න..

මොන ප්‍රශ්නය ආවත් හැම මොහොතකම එයාව සතුටින් තියන්න.. නිතරම ප්‍රශ්න ගැනම කතාබහා කරන පැමිණිලි කරන කෙනෙක් වෙන්න එපා..

අපි හැමොටම ප්‍රශ්න එනව.. නමුත් යම් ප්‍රශ්න තියෙනව විසඳෙන්න කල් ගත වෙන. කාලය අවශ්‍ය වෙන ඒවා..

ඒ වගෙ ප්‍රශ්න වල දි කාලයට ඉඩ දෙන්න. නිතරම ඒ ගැන හිතමින් වද වෙවී ජීවත් වෙන්න ඔහු හෝ ඇය සමඟ විවාද වෙන්න යන්න එපා..

ඒ වෙනුවට.. මොන තරම් ප්‍රශ්නයක් තිබුනත් ඒ ප්‍රශ්නෙ අමතක කරලා .. කාලයට ප්‍රශ්න භාරදීලා.. ඔයා ඔහු හො ඇය සමඟ සතුටින් ඉන්න.

ඒක ඔහුට හෝ ඇයට දැනෙනව..

ඔයා ඔහුව / ඇයව සතුටින් තියනව වඩා.. ඔයා එක්ක ඔහු / ඇය ඉන්නකොට ඔහු / ඇය ගොඩක් සතුටින් කියලා ඔහුට / ඇයට හොඳින් තේරුම් කරවන්න ඕනි..

අපි නිතර දෙවේලෙ බැඳෙන්නෙ සතුට තියෙන තැන් වලට.. මිනිස්සු කැමති නැ ප්‍රශ්න වලට. මිනිස්සු කැමති නෑ දුක පිරුණු තැන් වලට.. මිනිස්සු කැමති හිනාවෙලා ඉන්න..

ඔයත් සතුට පිරුණ කෙනෙක් වෙන්න. ඔයා ගාව ඉන්නකොට සතුට ,ධනාත්මක බව තියෙන බව අඟවන්න. ඔයා සතුට පිරුණ මායාවක් වෙන්න.. එවිට ඔහු / ඇය ඔබ ලඟ සතුටෙන් රැඳෙවි..

3 . ඔයාගෙ ආදරවන්තයව හෝ ආදරවන්තියව අගයන්න.


අපි හැමොම කැමති අපිව අගයනවට... හැබයි ඔයා ඔහුව / ඇයව අගය කරනවිට ඒව අනිවාර්යයෙන් ම සත්‍ය දේවල් විය යුතුයි.. බොරු දේවල් මවාපාමින් අගයන්න යන්න එපා.

උදාහරණයක් ÷

1 . ඔයා ගොඩක් හොඳයි. මට මීට කලින් ඔයා වගෙ කෙනෙක් මුණගැහිලම නැ..

2.ඔයා මාව ගොඩක් තේරුම් අරගන්නව. හැමොටම බෑ මාව එහම තේරුම් අරගන්න. ඔයා විශේෂ කෙනෙක්. හරිම කාරුණිකයි.

3. ඔයා ලස්සනයි. ඔයාගෙ පෙනුමට මම කැමති.

4. ඔයා ගොඩක් උත්සහවන්තයි. මම එහම කෙනෙක් දැකලම නැ. මීට කලින් මට තිබුන කිසිම සම්බන්දෙක කිසි කෙනෙක් ඔයා වගෙ උත්සහ වන්ත නැ..

මෙ වගෙ දේවල් ඔයාට කියන්න පුලුවන්. එ සත්‍ය දේවල්. ඔයායි ඔයාගෙ partner දෙන්න එකට ගැලපෙනවනම් අනිවාර්යයෙන් ම ඔයාට ඔහුගෙ / ඇයගෙ හොඳ ගතිගුණ ඕනිතරම් පෙනෙවි..

ඒව එයාගෙ මූණටම කියන්න. ඔයා ඔහුගෙ / ඇයගෙ දකින හැම හොඳක්ම වගෙ අගයන්න. ( සත්‍යම දේවල්)

එතකොට ඔහුට / ඇයට ඒක දැනෙනව..
ඔයා ඔහුව / ඇයව තේරුම් අරගන ඇති බව ඔහුට / ඇයට තේරුම් යනව..

සමහරවිට ඔහුව / ඇයව අගයන පලවෙනි කෙනා ඔබ වෙන්න පුලුවන්.

ඔයා අනික් අයට වඩා වෙනස් කෙනෙක් කියල එයාට තේරුම් කරවන්න..

විශ්වාස කරන්න මේ වගෙ පුංචි පුංචි දේවල් අපෙ යටි හිතටම තැන්පත් වෙනවා..

ඔයා මෙ විදියෙ හොඳ , වෙනස් කෙනෙක් උනහම ඒ දේවල් එයාගෙ යටි හිතට තැන්පත් වෙනව..

ඔයා තමයි ගැලපෙනම හොඳම කෙනා කියල ඔහුට / ඇයට තේරුම් යනව..

අපි හැමොම කැමති සතුට පිරුණ අපිව තේරුම් ගත්ත බැඳීමකට...

ඒ බව ඔයාගෙන් ඔහුට / ඇයට  දැනෙන්න ගත්තම ඒක ඔහු/ ඇය ඔයා වටේම බැඳ තබාගන්න ගොඩක් වැදගත් වෙනවා..

කලින් ඔයා වගෙ කෙනෙක් මුණගැහිලම නැ..

2.ඔයා මාව ගොඩක් තේරුම් අරගන්නව. හැමොටම බෑ මාව එහම තේරුම් අරගන්න. ඔයා විශේෂ කෙනෙක්. හරිම කාරුණිකයි.

3. ඔයා ලස්සනයි. ඔයාගෙ පෙනුමට මම කැමති.

4. ඔයා ගොඩක් උත්සහවන්තයි. මම එහම කෙනෙක් දැකලම නැ. මීට කලින් මට තිබුන කිසිම සම්බන්දෙක කිසි කෙනෙක් ඔයා වගෙ උත්සහ වන්ත නැ..

මෙ වගෙ දේවල් ඔයාට කියන්න පුලුවන්. එ සත්‍ය දේවල්. ඔයායි ඔයාගෙ partner දෙන්න එකට ගැලපෙනවනම් අනිවාර්යයෙන් ම ඔයාට ඔහුගෙ / ඇයගෙ හොඳ ගතිගුණ ඕනිතරම් පෙනෙවි..

ඒව එයාගෙ මූණටම කියන්න. ඔයා ඔහුගෙ / ඇයගෙ දකින හැම හොඳක්ම වගෙ අගයන්න. ( සත්‍යම දේවල්)

එතකොට ඔහුට / ඇයට ඒක දැනෙනව..
ඔයා ඔහුව / ඇයව තේරුම් අරගන ඇති බව ඔහුට / ඇයට තේරුම් යනව..

සමහරවිට ඔහුව / ඇයව අගයන පලවෙනි කෙනා ඔබ වෙන්න පුලුවන්.

ඔයා අනික් අයට වඩා වෙනස් කෙනෙක් කියල එයාට තේරුම් කරවන්න..

විශ්වාස කරන්න මේ වගෙ පුංචි පුංචි දේවල් අපෙ යටි හිතටම තැන්පත් වෙනවා..

ඔයා මෙ විදියෙ හොඳ , වෙනස් කෙනෙක් උනහම ඒ දේවල් එයාගෙ යටි හිතට තැන්පත් වෙනව..

ඔයා තමයි ගැලපෙනම හොඳම කෙනා කියල ඔහුට / ඇයට තේරුම් යනව..

අපි හැමොම කැමති සතුට පිරුණ අපිව තේරුම් ගත්ත බැඳීමකට...

ඒ බව ඔයාගෙන් ඔහුට / ඇයට  දැනෙන්න ගත්තම ඒක ඔහු/ ඇය ඔයා වටේම බැඳ තබාගන්න ගොඩක් වැදගත් වෙනවා..

4. පුදුම කිරීම් ලබාදෙන්න..


අපි ඕනිම කෙනෙක් කැමති පුදුම වෙන්න.. තෑගි ලබන්න.. සතුටු වෙන්න.. පුංචිම දෙයක් උනත් කාගෙන් හරි ලැබෙනකොට ඒකට අපි හැමොම කැමතියි.

ඒ වගෙ අපේ ආදරෙ කරන ඔහුට / ඇයට අපිට පුලුවන් පුදුම කිරීම් දෙන්න.. උපන්දිනෙකට.. ඇනවසරි එකක දි වගේම..එයා නොහිතන ඕනිම වෙලාවකදි අපිට පුලුවන් චූටිපුදුම කිරීමක් කරන්න.

text msg එකකින් උනත් අපිට මේ දේ කරන්න පුලුවන්...

එයා වැඩ කරන වෙලාවකදී.. එහම නැතිනං දවසෙ ඕනිම වෙලාවක දි. මම ඔයාට ආදරෙයි කියල කෙටි පණිවිඩයක් ඔයාට ඔයාගෙ partner ට යවන්න පුලුවන්..

ඒ වැනි දේ මගින්. අපෙ partner ව සතුටු කරන්න අපිට පුලුවන්.. පුංචි දෙයක් උනත් ඒක. ඒ වගෙ දේවල් යටි හිතට තැන්පත් වෙනව වැඩී.

මල් ගිනිහිං දෙන්න.. chocolate එකක් දෙන්න... සහ තව අපෙ partner ගෙ කැමති දේවල් අපිට දෙන්න පුලුවන්..

නිතර නිතර මේ දේවල් කරන්න අවශ්‍ය නැ.. නමුත් ඉඳ හිට මේ වගෙ දේවල් කරන එකෙන් ඔයාට අවාසියක් වෙන්නෙ නම් නෑ...

5. අතීතෙ ඔයාල අතර ඇතිවුන ප්‍රශ්න ගැන වර්තමානෙ කතාකරන්න එපා...



ඔයාගෙ partner එක්ක ඔයාගෙ ඇතිවුන රණ්ඩු , ඔයාගෙ partner ගෙ වැරදි එයාට මතක් කර කර බනින්න එපා..

ඔයා නපුරු ,අසාධාරණ කෙනෙක් කියන එක එයාට පෙන්වන්න එපා..

ඔයාට තරහ යන කෙනෙක් වෙන්න පුලුවන් නමුත් ඉවසන්න..

එයා අසාධාරන වෙන්න පුලුවන්. එය වැරදි වෙන්න පුලුවන්.. ඒ උනත් ඔයා  ඉවසන්න ඕනි..

ඔයා ඔයාගෙ ම විදියකට ප්‍රශ්න විසදන්න ඕනි.. ඒ වගෙම තමයි ඔයා ඒවට ප්‍රතිචාර දක්වන්න ඕනි ඔයාගෙම ක්‍රමේකට.

එතකොට ඒව එයාට note වෙනව..

අතීතෙ සිදුවුන දේවල් ඔයාට වෙනස් කරන්න  බෑ. ඒ වගෙම අතීත කරුණු නිසා ඔයා නැවත නැවත එයාට බනිනවනම් ඒක හරිම negative..

ඒ දේවල් කරන්න එපා. වර්තමානෙ ඔහු/ ඇය එක්ක සතුටින් කාලය ගත කරන්න..

ඔයා ඔහුට / ඇයට පෙන්වන්න ඕනි ඔයා තමයි හොඳම කෙනා සහ ඔයා විෂේෂ කෙනෙක් කියන එක.

6. ඔයා Attractive වෙන්න ...


ඔයා අනික් අයට වඩා විශේශ කෙනෙක් වෙන්න. ඔයා අනික් අයට වඩා වෙනස් බව එයාට අඟවන්න.

ඔයාගෙ attraction එක drop වෙන්න දෙන්න එපා. ඔයා ඔයාව ගොඩනංවන්න

උදාහරණ -

1 . ඔයාට සිංදු කියන්න පුලුවන් නම් ඔයා ඒ අංශයෙන් තව දේවල් ඉගනගන්න.ඒ අංශයෙන් දේවල් ඔයා practice කරන්න.

2. ඔයා insurment එකක් play කරන්න පුලුවන් නම් ඒක පුරුදුවෙන්න. තව වැඩි දියුණු කරගන්න. ඔයාගෙ හැකියාවන් වර්ධනය කරන්න.

3 . ඔයා යම් ක්‍රීඩාවකට දක්ෂනම් ඔයා ඒ අංශයෙන් තව දේවල් වැඩිදියුණු කරගන්න. සහ ආසාවෙන් ඒ දේවල් වලට යොමුවෙන්න..

4 . ලස්සන ඇඟක් ඔයාට හදාගන්න පුලුවන් නම් ඔයා ලස්සනට ඔයාගෙ ඇඟ හදාගන්න.

bond එක මතම ඉන්නෙ නැතුව ඔයා ඔයාව ගොඩනංවන්න. ඒක ඔහුට / ඇයට දැනෙන්න සලස්වන්න

ඔයා busy වෙන්න. දේවල් ඉගනගන්න. රැකියාව හෝ ඉගනගන්න දේවල් උනන්දුවෙන් කරන්න..

එයාට තැන දෙන ගමන්ම ජීවිතෙ ඔයාගෙ. ඔයා ඔයාටම වෙන් වුන ඒ ජීවිතෙ ඔහුට / එයාට පෙන්වන්න..

ඔයාව ඔහුට / ඇයට තේරුම් කරවන්න.

සම්බන්දේ  තිබුණත් නැති වුනත් අනිවාර්යයෙන් ම ඔයා ඔයාට ආදරෙ කරන්න ඕනි..ඒ වගේම ඔයා ඔයාව කොයිම වෙලේවත් මග ඇරගන්න හොඳ නැ 

සැමවිටම ඔයා ඔයාට මුල් තැන දෙන්න ඕනි වගෙම. දවසෙන් දවසෙන් දවස ඔයාව ලස්සනට ගොඩ නංවන්න ඕනි.

7.ඔයා ඔහු / ඇය මත්තෙම නහින්න එපා..


ඔයාගෙ සහකාරිය හෝ සහකරුවා ගෙ පස්සෙන් ඕනිවට වඩා යන්න එපා.

අනවශ්‍ය විදියට text massege කරන්න, අනවශ්‍ය විදියට calls අරගන්න යන්න එපා.

සමහර couples හැමවෙලෙම දවසම calls , නිදාගන්නෙ ත් call එකේ.  ඒක ගොඩක් negative හැම පැත්තෙන්ම.

ඔයාල call කරන්න, ඔයාල text කරන්න. ඔයාල හම්බෙන්න. හැබයි ඔයා ඔහුට / ඇයට addict වෙන්න එපා.

නිතරම messege කරන්නැතුව ඔයාම conversation එක පටන් ගන්නෙ නැතුව එයාටත් ඔයාව මතක් වෙන්න ඉඩදෙන්න.

හැමදාම good morning කියන්නෙ ඔහු / ඇය නම් ඔයා  ඒක ඔහුට /ඇයටත් කරන්න දෙන්න.

ඔයාව ඔහුට / ඇයට මගඇරෙන්න දෙන්න. ඔහුට / ඇයට ඔයාව හොයන්නත් අවස්තාව දෙන්න..

ඔහු / ඇය messege එකක් එව්ව සැනින් reply නොකර පොඩිවෙලාවක් අරන් reply කරන්න .

හැම වෙලේම මේ දේවල් කරන්න අවශ්‍ය නැ. නමුත් ඉඳ හිට මේ දේවල් කරන්න..

ඔයා busy බව. ඔයා ජීවිතෙ ඔයාගෙ දේවල් වෙනුවෙන් මහන්සිවෙන බව, ඔයා ට partner ගෙන් එහාට ජීවිතයක් ඇති බව ඔහුට හෝ ඇයට පෙන්වලා දෙන්න.

ඔයාට ඔහුව / ඇයව නැතුව බැරි බව පෙන්වන්න නමුත් ඔහු / ඇය නැති උනොත් ඔබ ඉවර බව ඔබට ඔහු / ඇය නැති වුනොත් විකල්පයක් නැති බව එයාට පෙන්වන්න එපා.

ඔයා ඔහු / ඇය වෙනුවෙන් ඉන්න. උදව් කරන්න ,ආදරෙ දෙන්න , අවශ්‍ය හැමදේම දෙන්න , නමුත් ඕනිවට වඩා ඒ දේවල් එ විදියට කරන්න එපා.

හැමවෙලේම call, messege කරන්න එපා.
හොයල බලන්න කතාබහා කරන්න නමුත් ඕනිවට වඩා එපා.

ඔයාටත් වෙනම ජීවිතයක් තියෙන බව ඔහුට /ඇයට දැනෙන්න දෙන්න. ඔයා strong බව ඔහුට / ඇයට දනවන්න.

එතකොට ඔයා ගැන positive විදියට ඔහු / ඇයගෙ හිතෙ තැන්පත් වෙනව.. ඔබ ගොඩක් හොඳ කෙනෙක් බව ඇයට / ඔහුට තේරුම් යනව.

ඔයාවම ඕනි යැයි ඔහුගෙ / ඇයගෙ හිතට දැනෙන්න ගනිවි. ඔහු / ඇය ඔබ වටාම රැදේවි. ඔබට විශාලව ආදරය කරාවි.
ඔයාගෙ ලඟ Addict වෙලා ඉදිවී..

හැමොටම ඔයා හිතන පතන ආදරය එ විදියටම ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ..

Post a Comment

0 Comments